සාපෙළ සිසුවියක් බිරිඳ කර ගත් 46 හැවිරිදි විදුහල්පතිවරයා පොලිසියට කොටු වෙයි | Reporter සාපෙළ සිසුවියක් බිරිඳ කර ගත් 46 හැවිරිදි විදුහල්පතිවරයා පොලිසියට කොටු වෙයි - Reporter

Hot News

සාපෙළ සිසුවියක් බිරිඳ කර ගත් 46 හැවිරිදි විදුහල්පතිවරයා පොලිසියට කොටු වෙයි



පාසල් සිසුවියක් සමග ලිංගික සබඳතා පැවැත්වූ විදුහල්පතිවරයකු ඊයේ (17) නීතිඥවරුන් දෙදෙනෙකු මාර්ගයෙන් පොලිසියට භාරවිමෙන් පසු අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය පවසනවා.

මෙම පාසල් සිසුවිය දෙවැනි වතාවට අපොස සාපෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දැරියක් වන අතර පාසලේ දි ඇයට විදුහල්පතිවරයා විශේෂ සැළකිල්ලක් දක්වා ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

මෙම සිසුවියගේ සහෝදරියන් දෙදෙනෙකු ද මෙම පාසලේ ඉගෙනුම ලබන බව ද සඳහන්.

පාසල් දැරියගේ පියා හෘද රෝගී තත්වයක් හේතුවෙන් අසනීපව සිට ඇති අතර එම කාලයේ දී මෙම විදුහල්පතිවරයා දැරියගේ නිවසට දෙතුන් වතාවක් පැමිණ ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය කරගෙන තිබෙනවා.

ඊට අමතරව විදුහල්පතිවරයා දැරිය සමඟ දුරකථනයෙන් සබඳතා පවත්වා ඇති බවයි පැවසෙන්නේ.

ඉකුත් 11 වැනි දා පෙරවරුවේ විදුහල්පතිවරයා පාසල් සිසුවියගේ නිවසට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ දී නිවසේ සිට ඇත්තේ පාසල් දැරිය හා අසුවැනි වියේ පසුවු ඇයගේ සියා පමණක් වන අතර මව තේ කම්හලක රැකියාවට ගොස්, පියාද නිවසේ සිට නැහැ.

එහි දී විදුහල්පතිවරයා දැරිය සමග ලිංගික ක්‍රියාවන්හි නිරතවී ඇති අතර එම අවස්ථාවේ දී දැරියගේ නැන්දා කෙනෙකුද නිවසට පැමිණ තිබෙනවා.

පසුව දැරියගේ මව පිටිගල පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්.

පාසල් දැරිය අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමු කළ බව පොලීසිය පවසන අතර විදුහල්පතිවරයා අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකාර විදුහල්පතිවරයා 46 හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙක් බවයි වාර්තා වන්නේ

No comments