කොටි 5 ක කුඩු සමග කටුනායකදි පකිස්තානුවා කොටු කරගත් මෙහෙයුම | Reporter කොටි 5 ක කුඩු සමග කටුනායකදි පකිස්තානුවා කොටු කරගත් මෙහෙයුම - Reporter

Breaking News

කොටි 5 ක කුඩු සමග කටුනායකදි පකිස්තානුවා කොටු කරගත් මෙහෙයුම





කොටි 50ක කුඩු සමග ලංකාවට පැමිණි පකිස්තනුවා කටුනායකදි කොටු වු හැටි

රුපියල් කෝටි පහකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් රැගෙන පැමිණි පාකිස්තානු ජාතිකයකු  කටුනායක ගුවන්තොටුපළේදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින් ඊයේ (09 වැනිදා) උදේ අත්අඩංගුවට ගෙන ඇත

 පකිස්තනයේ කරච්චි නගරයේ සිට ගුවන් මගින් පැමිණි මෙම පකිස්තානු ජාතිකයා ඊයේ පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළේ සැක කටයුතු අන්දමින් හැසිරෙමින් සිටියදි   මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින්ගේ පරික්ෂාවට ලක්ව තිබේ.

එහිදි ඔහුගේ ගමන් බෑගයේ සගවා තිබු හෙරොයින් කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම්180 ක් සොයා ගැනිමට හැකි වි ඇත.

සැකකරු මෙම හෙරොයින් තොගය වෙනත් පුද්ගලයෙකුට බාරදිමට සිටි බව හේළිවි ඇති අතර මොහු මිට පෙරද මේ ආකාරයට හෙරොයින් ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු පොලිසිය වෙත ලැබි තිබේ.

වැඩිදුර පරික්ෂණ සදහා සැකකරු පොලිස්  මත්ද්‍රව්‍ය නාශක අංශ මුලස්ථාන්‍ය වෙත රැගෙන ගොස් ඇත.

No comments