තනි පුද්ගලයෙකුගේ බලතල නිසා චීනය මහින්දව මිලට ගත්තා | Reporter තනි පුද්ගලයෙකුගේ බලතල නිසා චීනය මහින්දව මිලට ගත්තා - Reporter

Breaking News

තනි පුද්ගලයෙකුගේ බලතල නිසා චීනය මහින්දව මිලට ගත්තා


තනි පුද්ගලයෙකු අත තිබෙන අත්තනෝමතික බලතල හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ඩොලර් මිලියන 7.6කට චීනයට මිලදී ගැනීමට හැකිවූ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේ නිසා තනි පුද්ගලයෙකු සතුව තිබෙන විධායක බලතල අහෝසි කිරීමට 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කරගත යුතු බවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ ඇතැම් පිරිස් තම පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට බොරු බිල්ලන් මවාපාමින් සිටින බවත්, ඒවා පරාජයට පත්කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පවසා සිටියේය.
ජනතාව දැනුවත් කිරීම සඳහා අද (02දා) කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදා හැරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කළේය.  

No comments