ගුහාවේ සිරවී සිටින දරුවන්ට FIFA අවසන් තරඟය නැරඹීමට රුසියාවේ ආසන වෙන් කෙරේ | Reporter ගුහාවේ සිරවී සිටින දරුවන්ට FIFA අවසන් තරඟය නැරඹීමට රුසියාවේ ආසන වෙන් කෙරේ - Reporter

Hot News

ගුහාවේ සිරවී සිටින දරුවන්ට FIFA අවසන් තරඟය නැරඹීමට රුසියාවේ ආසන වෙන් කෙරේ



දින 16 ක සිට තායිලන්තයේ  ගුහාවක සිරවී සිටින පාසල් වියේ පසුවන පාපන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනා සහ පුහුණුකරු සදහා රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් තරඟය නැරඹීම සදහා නොමිලේ ආසන පිරිණැමීමට ලෝක පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

ඒ අනුව මේ වනවිට ක්‍රියාත්මක වන ගලවාගැනීමේ මෙහෙයුම් අවසන්වී ඔවුන්ව වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකිරීමෙන් පසුව එළඹෙන 15 වනදා රුසියාවේ සෝචි හී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාණයේ අවසන් මහා තරඟය නැරඹීම සදහා පිටත් කර යැවීමට තායිලන්ත රජය සූදානමින් පසුවෙයි.

මේ වනවිට දරුවන් අතරින් හතර  දෙනෙකු බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත්ව තිබේ. 

No comments