තායිලන්තයේ දරුවන් බේරාගත් ඕස්ට්‍රේලියාවේ දොස්තර වීරයා (PHOTOS) | Reporter තායිලන්තයේ දරුවන් බේරාගත් ඕස්ට්‍රේලියාවේ දොස්තර වීරයා (PHOTOS) - Reporter

Breaking News

තායිලන්තයේ දරුවන් බේරාගත් ඕස්ට්‍රේලියාවේ දොස්තර වීරයා (PHOTOS)



තායිලන්තයේ ගුහාවක් තුල සිරවී සිටි දරුවන් 13 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරුවා ඊයේ දිනයේදී සාර්ථකව බේරා ගැනීමට ඊයේ(10) එම මෙහෙයුමට සම්බන්ධව සිටි පිරිස සමත්වුණා. 

එම මෙහෙයුම මෑත කාලීන ලෝක ඉතිහාසයේ සුවිශේෂීම ගලවා ගැනීමේ මෙහෙයුමක් ලෙස හැදින්වෙනවා. 

මෙම මෙහෙයුමට සම්බන්ධ වූ ඕස්ට්‍රේලියානු ජාතික වෛද්‍යවරයෙකු වන රිචඩ් හැරිස් මහතා පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය විශේෂ අවධානයක් යොමු කලා. 

30 වසරක කිමිදුම් පළපුරුද්ද සහිත වෛද්‍ය හැරිස්  මෙම මෙහෙයුම පුරාවටම අනෙකුත් කිමිදුම්කරුවන් සහ සේවා සම්බන්ධීකරණය කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දුන්නා.

අවාසනවාට අවසන් දරුවාද බේරා ගත් පසු ඔහුට ලැබුනු ආරංචිය එතරම් හොද එකක් නෙමෙයි. ඒ ඔහුගේ පියා මිය ගිය බවට වන පණිවිඩයයි. 

තායිලන්තයේ දරුවන්  වෙනුවෙන් ජීවිතයද ලෝකය වෙනුවෙන් අලුත් බලාපොරොත්තුවක්ද ලබාදුන් හැරිස් මෙහෙයුමෙන් පසු අද නැවත සිය රට බලා පිටත්ව යන්නේ සිය ආදරණීය පියාගේ අවමංගල්‍යයට සහභාගී වීමටයි.

දින ගණනක් පුරා කිසිදු මුදලක් අයකිරීමකින් තොරව ස්වේච්ජාවෙන් දරුවන් 13 දෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමට ඔහු කල මෙහෙය පඩිපත වෙනුවෙන් වර්ජන කරන ශ්‍රී ලාංකීක වෛද්‍යවරුන්ට ඉතා හොද පාඩමක්. 




No comments