ඇමෙරිකාවේදී පැහැර ගැනුණු ගුවන් යානයක් දුපතකට කඩා වැටෙයි | Reporter ඇමෙරිකාවේදී පැහැර ගැනුණු ගුවන් යානයක් දුපතකට කඩා වැටෙයි - Reporter

Hot News

ඇමෙරිකාවේදී පැහැර ගැනුණු ගුවන් යානයක් දුපතකට කඩා වැටෙයි





ඇමෙරිකාවේ සියැටල් ගුවන් තොටුපළෙන් පැහැර ගත් ගුවන් යානයක් යාබද දුපතකට කඩා වැටී තිබෙනවා. මෙලෙස පැහැර ගැනුණේ මගී රහිත ගුවන් යානයක් වන අතර පැහැර ගැනීම සිදු කර තිබුණේ ගුවන් සමාගමකට අනියුක්තව සේවය කරන සේවකයෙක්.

ඇමෙරිකානු ජාතිකයෙකු වන සැකකරු 29 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණ වී තිබෙනවා. එය ත‍්‍රස්ත කි‍්‍රයාවක් ද නොවන බවයි බලධාරීන් පැවසුවේ. යානය අනතුරට ලක්ව කඩා වැටුනද සැකකරු දිවි බේරා ගත්තේද නැද්ද යන්න මෙතෙක් වාර්තා වී නැහැ.



No comments