යකෙක් එලවන්න නිවසට ආ කට්ටඩියා ඇඟ පුරාම තෙල් ගා තරුණියක්‌ බරපතල ලෙස දූෂණය කරලා | Reporter යකෙක් එලවන්න නිවසට ආ කට්ටඩියා ඇඟ පුරාම තෙල් ගා තරුණියක්‌ බරපතල ලෙස දූෂණය කරලා - Reporter

Hot News

යකෙක් එලවන්න නිවසට ආ කට්ටඩියා ඇඟ පුරාම තෙල් ගා තරුණියක්‌ බරපතල ලෙස දූෂණය කරලා



තරුණ ඇඟලුම් කම්හල් සේවිකාවකගේ ඇඟට ඇතුල්වී සිටින යක්‌ෂයකු එළවීම සඳහා තොවිලයක්‌ සිදු කළ යුතු බව පවසමින් ඇයගේ සිරුර පුරා තෙල් වර්ගයක්‌ ගල්වා ඇයව දූෂණයට ලක්‌ කළ තරුණ කට්‌ටඩියකු එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කරමින් ඔහුට වසර නවයක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සමඟ අගතියට පත් තරුණියට රුපියල් ලක්‌ෂයක වන්දි මුදලක්‌ ගෙවන ලෙස උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියෝග කර තිබෙනවා.

මෙසේ සිරදඬුවම් නියම වූයේ අංක 03, තබ්බෝව, පුත්තලම ලිපිනයේ පදිංචි දැනට 32 හැවිරිදි වියේ පසු වන රන්හාමිගේ සුරේෂ් ෂෙල්ටන් නමැත්තාටයි. අගතියට පත්වූ කාන්තාවට ගෙවීමට නියම කළ වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් මාස 12 ක සිරදඬුවමක්‌ විනිසුරුවරයා නියම කළ අතර විත්තිකරුට රුපියල් පන්දහසක දඩ මුදලක්‌ ගෙවන ලෙසත් නියෝග කර තිබෙනවා.

අනුරාධපුර අධිකරණ බල ප්‍රදේශයට අයත් රාජංගනය පොලිස්‌ වසමේ කලාඔය ප්‍රදේශයේදී වර්ෂ 2012 ජුනි මස 30 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී 27 හැවිරිදි තරුණ ඇගලුම් කම්හල් සේවිකාවකට බරපතළ ලිංගික අතවරයක්‌ සිදුකර දූෂණයට ලක්‌ කර විත්තිකරු විසින් ලංකා දණ්‌ඩ නීති සංග්‍රහයේ 364අ (1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්‌ සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බවත් සදහන්.

අගතියට පත්වූ තරුණිය දෙහිවල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කර තිබෙන බවත් ඇය පෙම් සම්බන්ධතාවක්‌ පැවැත්වූ තරුණයා අමනාප වීමෙන් සිත්තැවුලට පත්වී මානසික අපහසුතාවට පත්වී සිටියදී දෙමාපියන් හා වැඩිමහල් සහෝදරයා ඇයට යකෙකු වැසී කතා බස්‌ නොකර බැලූ අත බලාගෙන සිටින බවත් ඇයගේ ශරීරයේ යකෙකු අරක්‌ගෙන සිටින බව පවසමින් යකා එළවීමට තොවිලය සූදානම් කර ඇති බව තඹුත්තේගම මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පැවැති ලඝූ නොවන නඩු විභාගයේදී කියවී තිබෙනවා.

විත්තිකාර තරුණ කට්‌ටඩියා අගතියට පත්වූ තරුණියගේ සහෝදරයාගේ හිතවතෙකු බවත් යක්‌ෂයා එළවීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් කට්‌ටඩියා තරුණියගේ නිවසට පැමිණ නිවසේ පහන් පත්තු කරමින් පෙර සූදානම්වීම් සිදු කරමින් සිටියදී ඇයට බරපතළ ලිංගික අපයෝජනයක්‌ සිදුවන අන්දමින් කාන්තා සිරුරේ තෙල් වර්ගයක්‌ ගල්වා පසුව ඇයව දූෂණයට ලක්‌ කර ඇති බවත් සදහන්.

සිද්ධියෙන් අනතුරුව කට්‌ටඩියා ප්‍රදේශයෙන් පලා ගොස්‌ ඇති අතර අගතියට පත්වූ තරුණිය රාජංගනය පොලිස්‌ ස්‌ථානයට සිදුකළ පැමිණිල්ලට අනුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

No comments