මුස්ලිම් කාන්තාවන්ට අපහාස කලායැයි බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ ඇමතිට චෝදනාවක්..! | Reporter මුස්ලිම් කාන්තාවන්ට අපහාස කලායැයි බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ ඇමතිට චෝදනාවක්..! - Reporter

Hot News

මුස්ලිම් කාන්තාවන්ට අපහාස කලායැයි බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ ඇමතිට චෝදනාවක්..!

Image copyrightEPA
මුස්ලිම් කාන්තාවන් බුර්කා ඇඟලීම නිසා ඔවුන් "තැපැල් පෙට්ටි වගේ පෙනෙනවා" යැයි පැවසීම හා "බැංකු සොරුන්"ට සම කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ ලේකම් බොරිස් ජොන්සන් සමාව ගත යුතු බව හා කොන්සර්වේටිව් පක්ෂයෙන් ඔහු නෙරපිය යුතු යැයි හඬ නැගෙමින් පවතී.
බොරිස් ජොන්සන්ගේ එම ප්‍රකාශය සමග එක්සත් රාජධානිය තුළ ඉස්ලාම් භීතියෙන් යුතු නොසන්සුන් බව නරක අතට හරවන බවට ඇතැමුන් විශ්වාස කරන අතර මුස්ලිම් කාන්තාවක ගේ දෑස් පමණක් නිරාවරණය කෙරෙන නිකාබ් නමින් හැඳින්වෙන සළුව මෙන් ම බුර්කාව සම්බන්ධයෙන් ඇති පටලැවිල්ල ද ඉස්මතු කර පෙන්වයි.
කාන්තාවන් සඳහා වූ ඉස්ලාමීය ඇඳුමේ ඇති වෙනස්කම් මෙන් ම කුමක් හේතුවෙන් ඔවුන්ගේ රුචිය තීරණය වනවා ද?
ඉස්ලාමීය මුහුණු ආවරණ
ඉස්ලාමීය ශුද්ධ ග්‍රන්ථය වූ කුරානයෙන් මුස්ලිම් පිරිමින් හා කාන්තාවන් හට පෙන්වා දෙන්නේ විනීත ලෙස හැඳපැළඳිය යුතු බවය. පිරිමින් විනීතව සිරුර ආවරණය කිරීම යන්නෙන් අර්ථ නිරූපනය කෙරෙන්නේ නාභියේ සිට දණහිස දක්වා ප්‍රදේශය ආවරණය කිරීම වේ.
කාන්තාවන් සම්බන්ධයෙන් ඉන් කියවෙන්නේ තමන්ට ඥාති නොවන හෝ විවාපත් නොවූ පිරිමින් ඉදිරියේ සිය මුහුණ, දෑත් හා පාද හැරුනුකොට සාමාන්‍යයෙන් සියලු ප්‍රදේශය ම ආවරණය කිරීමකි.
කෙසේවෙතත්, මෙය ප්‍රමාණවත් ද යන්න පිළිබඳ ඉස්ලාමය තුළ ම විවාදයක් පවතී. මේ තත්ත්වය නිසා ඊට දෙන ගෞරවය හිජාබ් (අරාබි බසින් "ආවරණය කිරීම" යන තේරුම) සහ නිකාබ් ( "සම්පුර්ණ වේලය" යන තේරුම) අතර බෙදීයාමට මුල් වී තිබේ.
හිජාබ් යනු හිසකේ සහ ගෙල ආවරණය කෙරෙන සළුවක් වන අතර නිකාබ් යනු මුහුණ ආවරණය කෙරෙන වේලයකි. නිකාබයේ දෑස් ප්‍රදේශය නිරාවරණය කෙරේ. එය හිස වැසෙන සළුවක් හෝ දිගු ලෝගුවක් වැනි වූ 'අබායා' සමග ඇඟලයි. ඇතැම්විට, දෑස් ආවරණය වන අමතර විනිවිද පෙනෙන වේලයක් සමග වේ.
බුර්කා යනු වඩාත් ම ආවරණය වන - සම්පූර්ණ මුහුණ හා ශරීරය වැසෙන්නකි. දැලක් වැනි කොටසකින් පමණක් අවට දැකිය හැකිය.
ආවරණය වන සේ ඇඳීම කාන්තාවගේ කැමැත්ත ද?
වසර 20ක් පුරා බුර්කාව ඇඟලන, එක්සත් රාජධානියේ සිටින සත් දරු මවක වන තහිරා නූර් පවසන්නේ එය "100% ම මගේ කැමැත්ත" යනුවෙනි. බොරිස් ජොන්සන්ගේ ප්‍රකාශය "දැනුමක් නැති" බව පෙන්වාන්නේ යැයි ද ඇය පවසන්නීය.
 ඇය කියා සිටියේ "බුර්කාව ඇඟලන කාන්තාවන්ගෙන් බහුතරය" බ්‍රිතාන්‍යයේ උපත ලබා එහි හැදී වැඩුණෝ වන අතර "ඔවුන් මේ රටේ ඉගෙනගත්තා. උසස් අධ්‍යාපන ආයතන, විශ්වවිද්‍යාලවලට ගියා. තමන් මෙය කරන්නට අවශ්‍ය ඇයි හා කරන්නේ ඇයි යන කරුණ ගැන අවබෝධයක් තිබෙනවා," යනුවෙනි.
"ඔවුන්ට පීඩනයක් නැහැ. ඔවුන් ඒක කරන්නේ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ට හෝ පියාට අවශ්‍ය නිසා නෙවෙයි."
නූර් ට දියණියන් සිවුදෙනෙක් සිටින අතර ඔවුන් කිසිවෙක් බුර්කා නොඅඳිති.
"මම මගේ දුවලාට මේ ගැන බලකරලා නැහැ. එහෙම කරන්න මට අවශ්‍ය නැහැ"
"ඒක අනිවාර්ය දෙයක් නෙවෙයි. ඒක බැඳීමකුත් නෙවෙයි. කොහොම නමුත්... (ඒක) දෙවියන්ට ළංවීමක්. අන් කිසිම දේකට වඩා ඒක අධ්‍යාත්මික දෙයක්," යැයි ඇය පැවසුවාය.
මුහුණ ආවරණය කිරීම සඳහා ඇය "බැඳීමකට යටත් නැති" වුවත් එසේ කිරීමෙන් නබි තුමා "අනුකරණය" කෙරෙන බව ඇය පවසයි.
ආරක්ෂක හේතු මත මුහුණු ආවාරණය ඉවත් කරන ලෙස දැන්වුවොත් ඇය ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේද?
"මම මගේ වේලය සතුටින් ඉවත් කරනවා," යැයි ඇය කියා සිටියේ බැංකුවක එසේ කෙරෙන ඉල්ලීම උදාහරණයකට දක්වමිනි.
"මම සංචාරය කරනකොට, සමහරවිට මම එය ඇඟලන්නේ නැහැ. ඒ ආරක්ෂක කාරණා නිසා නෙවෙයි, මම හිතන්නේ ඒක වඩා පහසුයි."
"බුර්කාව අඳින අය බැංකු කොල්ලකරුවන් වගේ යැයි කීම මම හිතන්නේ සාධාරණ නැහැ."
නිකාබ් පැළඳීම නිසා තමන් වාචික අවමානයට ලක්වූ බව සහාර් අල්-ෆයිෆි පවසන්නීය
Image captionනිකාබ් පැළඳීම නිසා තමන් වාචික අවමානයට ලක්වූ බව සහාර් අල්-ෆයිෆි පවසන්නීය
නිකාබ් පළඳින, කාඩිෆ් හි වෙසෙන සහාර් අල්-ෆයිෆි 



 පැවසුවේ තමන්ගේ කැමැත්ත අනුව වේලයක් පැළඳීම නිසා ඇතැම්විට වාචික අවමනට ලක්වෙන බවය.
"මීට සතියකට කළින් මම ඉන්න තැන කිට්ටුවක වාහනය නවත්තන අතරේදී 'ත්‍රස්තවාදියා' කියල කෙනෙක් මට අවමන් කළා" යැයි ඇය පැවසුවාය.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි වෙසෙන බ්‍රිතාන්‍ය - අමෙරිකානු මුස්ලිම් වෛද්‍යවරියක වන කන්ටා අහමඩ් මුහුණු ආවරණයක් නොපළඳින අතර ඊට එරෙහි තහනමකට සහයෝගය පළකරන්නීය.
බටහිර මෙවැනි දෑ පළඳින කාන්තාවන්ගේ ප්‍රමාණය ඉහළ යමින් පවතින්නේ යැයි කියන ඇය ගැහැණු ළමුන් වැඩිවිය පැමිණීමටත් පෙර එවැනි දෑ පැළඳීමට පටන්ගෙන ඇති බවත් ඉන් බොහොමයක් ඔවුන්ගේ කැමැත්ත නොවන බවත් කියා සිටින්නීය.

ආගමික වශයෙන් කෙරෙන සාධාරණීකරණය කුමක් ද?

බුර්කාව කාන්තාවගේ මුළු සිරුරම ආවරණය කරයිImage copyrightREUTERS
Image captionබුර්කාව කාන්තාවගේ මුළු සිරුරම ආවරණය කරයි
බුර්කා හෝ නිකාබ් ඇඟලීම අනිවාර්ය දෙයක් ද නැතහොත් එය හුදු රෙකමදාරුවක් ද යන්න ගැන මුස්ලිම් වියතුන් අතර දිගු කාලයක සිට මතභේදයක් පැවතිණි.
කුරානයේ දක්වා ඇති ඇඳුම් පිළිබඳ විනීත බව කාන්තාවන් විසින් අනුගමනය කරනු ලබන තාක් කවර හෝ හිස් ආවරණයක් අවශ්‍ය නොවන බවට වඩා නිදහස් අර්ථනිරූපනයක් ද වේ.
එම ශුද්ධ ග්‍රන්ථයෙන් අමතන "භක්තිවන්ත කාන්තාවන්" සිය පුද්ගලික අවයව ආවරණය කරගැනීම හා "පෙනෙන තත්ත්වය හැර" ඔවුන්ගේ අලංකාරය ප්‍රදර්ශනය නොකිරීම පෙන්වයි.
මෙහි අග කොටස සම්බන්ධයෙන් වියතුන් අතර විසංවාදයක් පවතී. ඉන් කියවෙන්නේ කාන්තාවගේ සිරුරේ සියලු අංග ආවරණයවීමේ අවශ්‍යතාව සහිත ඇයගේ ඇඳුමේ බාහිර මතුපිට ගැන ද?
නැතිනම් මුහුණ සහ දෑත් අවධානය යොමු කරමින් ද, ඛෝල්, මුදු, වළලු වැනි සම්ප්‍රදායික කාන්තා විසිතුරු භාණ්ඩ හා රූපලාවන්‍ය සැරහුම් සඳහා යම් නිදහසක් දෙනවාද ?
හිජාබ් - හිස් සළුව- කෙරෙහි කැමැත්තක් දක්වන ඉස්ලාමීය ඉතිහාසයේ ඇතැම් ප්‍රමුඛ වියතුන් මේ අවසන් අර්ථනිරූපනය එක්කරගෙන තිබේ.

මුහුණු ආවරණය සම්බන්ධයෙන් ඇතැම් රටවල රටවල ඇති නීති හා සම්ප්‍රදාය

ඩෙන්මාර්කයේ නව නීතියට එරෙහිව විරෝධය දක්වන කාන්තාවන් පිරිසක්Image copyrightEPA
Image captionඩෙන්මාර්කයේ නව නීතියට එරෙහිව විරෝධය දක්වන කාන්තාවන් පිරිසක්
බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ ලේකම් මුහුණු ආවරණ (face veils)සම්බන්ධයෙන් කළ ප්‍රකාශ ඇතැමුන් තුළ තැතිගැන්මක් ඇතිකිරීමට හේතුවක් වූ අතර, ඔහුට සහාය දක්වන්නන් පෙන්වාදෙන්නේ එවැනි ඇඳුම් තහනම් කිරීමට එරෙහි තර්කයක කොටසක් බවය. ඇතැම් රටවල් එවැනි පියවර ගෙන ඇත.
පූර්ණ මුහුණු ආවරණ (full-face veils) තහනම් කළ පළමු යුරෝපීය රට ප්‍රංශය වේ. 2011 අප්‍රේල් මාසයේදී බුර්කා සහ නිකාබ් ප්‍රසිද්ධ ස්ථානවල තහනම් කළේ ප්‍රකටව පෙනෙන ආගමික සංකේත රාජ්‍ය පාසල් තුළ තහනම් කිරීමේ නීතිය හඳුන්වා දී වසර හතක් ගතවීමෙන් අනතුරුවය.
ඉන් මාස කීපයකින් අනතුරුව බෙල්ජියම ද එම පියවරට එළැඹිණි. ආරක්ෂක හේතු මත අඩක් හෝ පූර්ණ මුහුණු ආවරණ ප්‍රසිද්ධ ස්ථානවල තහනම් කළේය.
එතැන් සිට පූර්ණ මුහුණු ආවරණ (full-face veils) පූර්ණ හෝ අර්ධ තහනම ඔස්ට්‍රියා, බල්ගේරියා මෙන්ම දකුනුදිග ජර්මානු ප්‍රාන්තයක් වන බැවේරියා හි පැනවුණු අතර අගෝස්තු 1 වෙනිදා සිට ඩෙන්මාර්කයේ ද ආරම්භ විය.
ඩෙන්මාර්කයේ නව නීතියට එරෙහිව විරෝධය පැන නැගුනු අතර එම නීතියෙන් බුර්කා සහ නිකාබ් නාමිකව සඳහන් නොකෙරුණ ද "ප්‍රසිද්ධ ස්ථානවල ඇඳුමකින් මුහුණ ආවරණය කරන කවරකු හෝ වුව ද දඩයකින් දඬුවමකට යටත් කෙරෙනු ඇත" යැයි ඉන් කියැවේ.
එය නැවත නැවත කරන්නෙකු ක්‍රෝනර් 10,000 (ඩොලර් 1,500) දඩයකට යටත් කෙරේ.
මීට වෙනත් අතක යන ඉරානයේ, කාන්තාවන් විනීත "ඉස්ලාමීය" ඇඳුමින් සැරසීම අවශ්‍ය බව නීතියෙන් ම පෙන්වා දී තිබේ. ප්‍රායෝගිකව මින් කියවෙන්නේ කාන්තාවන් චදෝර් නම් වන මුළු සිරුරම වැසෙන ලෝගුවෙන් හෝ හිස් ආවරණයක් සහ සිය දෑත් වැසෙන කබායකින් සැරසිය යුතුය.
එරට නගරවල ප්‍රදර්ශනය කර ඇති පෝස්ටර්වලින් සිරුර ආවරණය නොකළ කාන්තාවන් ආවරණය නොකළ ලොලිපොප් හා සංසන්දනය කර තිබෙන්නේ අනවශ්‍ය ලෙස මැස්සන්ගේ අවධානය ගන්නා බව දක්වමිනි.
මෙම නීතියට මෑතදී අභියෝග කළ ඉරාන කාන්තාවන් පිරිසක් ඊට විරෝධය පළකළේ ප්‍රසිද්ධියේ සිය හිස් ආවරණ ඉවත්කරමිනි. එවැනි එක් කාන්තාවක් පසුගිය මාර්තු මාසයේදී වසර දෙකකට සිරගත කෙරිණි

No comments