සීගිරියට එපා නම් නාමල් උයනට කේබල් කාර් දෙන්න - වනවාසී රාහුල හිමි | Reporter සීගිරියට එපා නම් නාමල් උයනට කේබල් කාර් දෙන්න - වනවාසී රාහුල හිමි - Reporter

Hot News

සීගිරියට එපා නම් නාමල් උයනට කේබල් කාර් දෙන්න - වනවාසී රාහුල හිමි



සිගිරිය සංචාරක කලාපය තුල නවීන තාක්ෂණයෙන් යුතු කේබල් කාර් පද්දතියක් ස්ථාපනය කිරීමේ වැඩසටහන කිසියම් පිරිසකගේ විරෝධය නිසා රජය විසින් අත් හිටුවා ඇතැයි වාර්තා වනවා.  ලෝකයේ දියුණු රටවල පුරා විද්‍යා සහ අධි සංවේදී පාරිසරික කලාපයන් ඔස්සේ පවා නවීන තාක්ෂණය යොදාගනිමින් මෙවැනි කේබල් කාර් පද්දති ඉදිකර ඇති අතර එමගින් සංචාරක ආකර්ෂණය වැඩි කරගැනීමට එම රටවල් සමත්වී ඇත. 

නමුත් ශ්‍රී ලංකාවේ අමනෝඥ සාම්ප්‍රදායික හණමිටි අදහස් ඇති මිනිසුන් විසින් අපේ රටට ආදයම් ඉපයීමට ඇති අවස්ථා අහිමි කරමින් තිබේ.

කෙසේ වෙතත් මෙම කරුණ පිළිබඳව ඇතිවූ ෆේස්බුක් සංවාදයක් අතරතුරදී ජාතික නාමල් උයනේ භාරකාර ස්වාමීන්වහන්සේ වන වනවාසී රාහුල හිමි සීගිරියේ පිහිටුවීමට බැරි නම් එම කේබල් කාර් පද්දතිය නාමල් උයන ආශ්‍රිත කලාපය තුල හෝ පිහිටුවන ලෙසට ඉල්ලීමක් කර තිබේ. 

විදේශ රටවල් රැසක සංචාරය කර ඇති උන්වහන්සේ නාමල් උයන රැකගැනීම සඳහා දිවිහිමියෙන් ක්‍රියාකල බෞද්ධ හිමිනමක් වන අතර මෙවැනි ව්‍යාපෘතියක ඇති ආර්ථික සහ සමාජීය වටිනාකම ගැන හොද අවබෝධයක් ඇති පුද්ගලයෙකි. 

No comments