මාවනැල්ල ස්වර්ණාභරණ සොරකම කළ යුවළ හසුවේ (videos) | Reporter මාවනැල්ල ස්වර්ණාභරණ සොරකම කළ යුවළ හසුවේ (videos) - Reporter

Hot News

මාවනැල්ල ස්වර්ණාභරණ සොරකම කළ යුවළ හසුවේ (videos)



අඹුසැමියන් ලෙස පෙනී සිටිමින් මාවනැල්ල රුවන්වැල්ල  බස් නැවතුම් පළ අසළ පිහිටි ස්වර්ණාභරණ ආයතනයකින් රණ් භාණ්ඩ මිළදි ගන්නා මුවාවෙන් ඇතුළු වූ
යුවළක  හීන් සීරුවේම වෙළෙඳසැල් හිමියා සමග කතාබහකට පැටලී එම කාන්තාව තම ලේන්සුව අස්සට මාලයක් දමාගෙන සොරකම් කිරීමක් සිදු කර තිබේ.
රුවන්වැල්ල පොලිස් ස්ථානයට ලද


 පැමිණිල්ලක් අනුවෙ වෙළෙඳසැලේ සවිකර තිබු සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සිදුකරන ලද විමර්ශන වලට අනුව මෙම සොරකම සිදු කරන ලද සැකකාර යුවල රුවන්වැල්ල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වයස අවුරුදු 24 ක් වු කඩුවෙළ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සැකකාරිය වයස අවුරුදු 26 ක් වු වතුපිටිවල ප්‍රදේශයේ ඇඟළුම් ආයතනයක සේවය කරන අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිකාරියක බව හඳුනාගෙන ඇත.
මෙම යුවළ විවාහක අඹුසැමියන් ලෙස පෙනී සිටිමින් ගම්පහ, කටුනායක, කිරිබත්ගොඩ, අනුරාධපුරය ඇතුළු නොයෙකුත් ප්‍රදේශ වල ස්වර්ණාභරන ආයතන වලට රන් භාණ්ඩ මිළඳී ගන්නා මුවාවෙන් ඇතුළු වී සොකරම් ගණනාවක් සිදු කර ඇති බව පොලිසිය වාර්තා කර තිබේ.
තවද, මෙම සැකකාර යුවළ විසින් සොකරම් කරන ලද රන් භාණ්ඩ නිට්ටඹුව, කිරිඳිවැල, කුරුණෑගල හා අනුරාධපුර ප්‍රදේශ වල පිහිටි උකස් මධ්‍යස්ථාන වලට උකස් කරන ලද රිසිට් පත් 09 ක් රුවන්වැල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත. සැකකරුවන්  රුවන්වැල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු 2018.08.20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සිද්ධියේ සීසීටීවී දර්ශන පහතින්



දර්ශන gossiplanka news

No comments